ඩවුන්ලෝඩ් මැනේජර් නවතම සංස්කරණය



කොහොමද යාලුවනේ සිංහල කව්ළුව තුලින් අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට 
අන්තර් ජාලය බාවිතා කරද්දී නැතුවම බැරි අපි හැමෝම දන්නා internet  download  manager 
ගැන (IDM) IDM වල අලුත්ම සංස්කරණය පිලිබදව පොඩි විස්තර ටිකක් ඇති
ඔයාලට වටිනවද බලන්නකෝ
අන්තර්ජාලය භාවිතා කරන අයට නැතුවම බැරි දෙයක් තමයි Internet Download Manager කියන්නෙ, අපි මේක කෙටියෙන් හදුන්වනවා IDM කියලා. මොකක්ද මේ IDM? මේක අන්තර්ජාලයේ ඇති ගීත, වීඩියෝ, වැඩසටහන් වැනි දෑ ඉතා ඉක්මනින් හා පහසුවෙන් බා ගැනීම කල හැකි මෘදුකාංගයක්.


මෙහි නවතම සංස්කරණය තමයි  Internet Download Manager v6.07



 IDM මෘදුකාංගය Internet Explorer, AOL, MSN, Mozilla, Netscape, Firefox, Avant Browser, Google Chrome වැනි ඕනෑම ජනප්‍රිය බ්‍රව්සරයක් තුල ඉතා පහසුවෙන් ක්‍රියාත්මක වේ. මෙහිදී ඉතා පහසුවෙන් ඔබගේ බා ගැනීම සිදුකල හැකිය. කල යුත්තේ අදාල බා ගැනීම සදහා අවශ්‍ය link එක මත එක් වරක් click කිරීම පමණි. එවිට IDM මගින් ස්වයංක්‍රියවම ඔබට අවශ්‍ය බා ගැනීම සිදුකරයි. එනම් IDM මගින් ඔබගේ බා ගැනීම් සැනෙකින් හදුනාගෙන ඒවා ඉතාමත් වේගයෙන් බා ගැනීම සිදුකරයි. YouTube, Myspace-TV, හා Google Video වැනි ජනප්‍රිය වීඩියෝ වෙබ් අඩවි තුළින් වීඩියෝ නරඹන අතර තුර ලබාදෙන "Download This Video" යන button එක තුලින් ඉතා පහසුවෙන් අදාල වීඩීයෝ එක බා ගත හැකිය. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමට සාපේක්ෂව, IDM හරහා සිදුකරන බා ගැනීම අදහාගත නොහැකි තරම් වේගවත් වේ, ආර්ක්ෂාකාරී වේ.


IDM මගින් අදාල බා ගැනීම සිදුවන අතරතුර Avast, Spy-bot, AVG Anti-Virus, McAfee, Spyware-blaster, C Cleaner වැනි ප්‍රතිවයිරස් මෘදුකාංග සමග සම්බන්ධ වී අන්තර්ජාලය හරහා පරිගණකයට පැමිණෙන විනාශකාරී වයිරස් හදුනාගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කරයි. මෙමගින් අනවශ්‍ය බා ගැනීම් නිසා පරිගණකයට සිදුවන අනවශ්‍ය බලපෑම් තුලින් පරිගණකය ආරක්ෂාවීමක්ද සිදුවෙනවා.

සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් බා ගැනීමක් සිදුවන අතරතුර අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීමක් සිදුවුවහොත් සම්පූර්ණයෙන්ම බා ගැනීම ඉවත් වේ, නමුත් IDM මගින් බා ගැනීමක් සිදුවන අතරතුර අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වීමක් සිදුවුවහොත් බා ගැනීම සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් සිදු නොවේ, එනම් විසන්ධි වීම දක්වා බා ගැනීම IDM මගින් පරිගණකයේ රදවා තබාගනු ලබයි, ඉතිරිය නැවත සම්බන්ධතාවය ලැබුනු විට බා ගැනීම සිදු වේ. මේ නිසා බා ගැනීමක් සිදුකරන විට අපට කිසිදු අපහසුතාවයක් ඇතිවන්නේ නැහැ.


ඔයාලත් බාවිත කරලා බලන්නකෝ පහලින් ඇති link  එක

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Online Project management